FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය නිමවා තවත් පිරිසක් නිවෙස් වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දින දාහතරක නිරෝධායන වීමෙන් පසුව පිලිපීනයේ සේවය කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණි එකසිය එකොලොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිවෙස් වලට පිටත් කර යැවීම 26 දින පෙරවරුවේ දඹුල්ල කණ්ඩලම ග්‍රීන් පැරඩයිස් හෝටලයේදී සිදු කෙරිණි.

යුදහමුදා 53 වන සේනාංකය යටතේ මීට දින දාහතරකට පෙර පිලිපීනයේ සිට මෙරටට පැමිණේ පිරිමි පුද්ගලයින් එකසිය නමයක් සහ කාන්තාවන් දෙදෙනෙකු දින 14ක කාලයක් මෙම පිරිස නිරෝධායනය වී තිබේ.

යුද හමුදාව විසින් මෙම කණ්ඩායම දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ඔවුන්ගේ නිවෙස් වලට පිටත්කර හැරීම ආරක්ෂිතව සිදු කරනු ලැබූහ.