FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මොරගහහේන ගෝනපොල හංදිය ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් කිලෝවකට අධික ප්‍රමාණයක් මොවුන් සතුව තිබී සොයාගැනීමට හැකවූ බව පොලිසිය සඳහන් කළේය.

ඊයේ (25) පස්වරුවේ දෙහිවල පොලිස් ස්ථානයේ නිළධාරින් කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර ඇත.

සැකකරු සහ සැකකාරිය මතුගම හා ගල්පාත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අද (26) ඔවුන් හොරණ මහේස්ත්‍රාත් අදිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දෙහිවල පොලිසියයි වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.