FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ වැඩපිළිවෙල පාකිස්තාන අගමැතිගේ පැසසුමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව කොවිඩ් -19 වසංගත තත්ත්වයට එරෙහිව ගෙන යනු ලබන වැඩපිළිවෙල පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ඇගයීමට ලක්ව ඇත.   

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති දුරකතන සංවාදයක දී ඔහු මේ බව සඳහන් කර තිබේ.

මෙහිදී නායකයන් දෙපළ අතර ද්විපාර්ශ්වික සබඳතා හා කලාපීය තත්ත්වයන් පිළිබඳව ද අවධානය යොමුකර ඇති බව වාර්තා වෙයි.