FAST NEWS

24×7 Around the Globe

දකුණේ පාසල් විෂබීජහරණය කිරීමට මිලියන 100ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වසංගතයෙන් පසු දකුණු පළාතේ පාසල් නැවත ආරම්භ කිරීමේදී විෂබීඡහරණ කටයුතු සඳහා රුපියල් මිලියන 100 ක් ලබාදීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පවසයි. 

පාසල් යළි ඇරඹීමේදී ඉහළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කළ යුතු බැවින් එම තීරණය ගෙන ඇති අතර , දකුණු පළාතේ පළාත් පාලන ආයතන සඳහා මෙම මුදල ලබාදෙන බවද ඒ මහතා සඳහන් කරයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය ලංකාව තුළ සාර්ථකව මැඩපවත්වා ඇති පසුබිමක දකුණු පළාතේ පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා පැවති සාකච්ඡවකදි ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පරිදි පාසල් හා අනෙකුත් අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට ප්‍රථම සුදුසු සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් ගොඩනගා ගැනිම, පාසල් තුල සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාවය අඩු කිරීම, පාසල් ප්‍රඡාව එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා යොමු කිරීම සහ චර්යාත්මක වෙනස්කම් ඇති කිරීම යන මාතෘකා පිළිබද එහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත.