FAST NEWS

24×7 Around the Globe

ජනපතිගෙන් විශේෂ නියෝගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නෞකාවලට හුවමාරුවීම සඳහා විදේශිකයන්ට මෙරටට පැමිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත.   

පසුගිය දිනවල මෙලෙස පැමිණි විදේශිකයන් සැලකිය යුතු පිරිසකට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි තහවුරු කරගැනීම ඊට හේතුව බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.