FAST NEWS

24×7 Around the Globe

පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙක් සියදිවි හානි කර ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාරාහේන්පිට පොලිස් සිරමැදිරිය තුළ සැකකරුවෙකු ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගෙන තිබේ.

ඊයේ (24) රාත්‍රීයේ දී අදාළ සැකකරු මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අදාළ පුද්ගලයා මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු වන අතර නාරාහේන්පිට පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.