FAST NEWS

24×7 Around the Globe

ඉදිරි මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිපතිවරයාට වෙතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයේ නීතිපතිවරයාට යොමු කිරීමට නියමිතය.

ඉන් අනතුරුව එය ගැසට් කිරීමට සුදානම් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ග උපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රමාදවීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විශාල අර්බුදයකට මුහුණ පා ඇති බව කොමිසමේ සභාපතිවරයා පැවසීය.

අදාළ මාර්ගෝපදේශ අද දිනයේදී ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන කළේය.