FAST NEWS

24×7 Around the Globe

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අවසන් අදියරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පවසයි.

මේ වනවිට දිස්ත්‍රික්ක 16 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර, මැතිවරණ කොමිසම වෙත භාර දී තිබේ.

කෙසේ වෙතත් සෙනසුරාදා දිනයේදී මහනුවර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා කොමිසම වෙත භාරදීමට නියමිතව ඇති අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතුද අවසන් වෙමින් පවතින බව මුද්‍රණාලයාධිපතිනි සඳහන් කළාය.