FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමක් අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (24) පස්වරු 6.00 ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

ඒ, එහි සභාපති හිටපු කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙනි.

අද රැස්වීමේදී මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පවතින පුරප්පාඩු දෙක පිරවීමට නියමිතය.

එම පුරප්පාඩු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නම් දෙකක් ඒවා ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදනය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සහභාගීවීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පැවසුවේය.