FAST NEWS

24×7 Around the Globe

දහම්පාසල් ආරම්භය අදියර 3කින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට අනුකූලව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කරයි.

ඒ අනුව දහම් පාසල් අවසාන හා ධර්මාචාර ශ්‍රේණි ලබන මස 12 වන දාත් 3 සිට 10 දක්වා ශ්‍රේණි ජුලි මස 26 වන දාත් ආරම්භ කෙරේ.

දහම් පාසල් එක හා දෙක ශ්‍රේණි, පාසල්වල එක හා දෙක ශ්‍රේණි ආරම්භ කිරීමෙන් පසු එළඹෙන ඉරු දින ආරම්භ කිරීමට තීරණය වී තිබේ.