FAST NEWS

24×7 Around the Globe

පාඨලීට එරෙහිව අධිචෝදනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.