FAST NEWS

24×7 Around the Globe

ගම්පහ ප්‍රදේශ කීපයකට හෙට පැය 12 ක ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – හෙට (25) පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.   

ඒ අනුව වැලිසර, මහබාගේ, මාබෝල ප්‍රදේශයේ කොටසක්, කඳාන නාගොඩ ප්‍රදේශය, කෙරවලපිටිය, මාටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්විට ධීවර වරාය ප්‍රදේශය, බෝපිටිය, පමුණුගම හා උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදුකරනු ඇත.