(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තරුණියක් තම සිරුරට ගිනි තබා ගෙන ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් යාපනය, පුත්තූර් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
අච්චුවේලි පොලිසිය පැවසුවේ ප්‍රේම සබඳතාවයක් බිඳ වැටීමෙන් සිත් තැවුලට පත් තරුණියක් මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවයි.
අවුරුදු 23 ක තරුණියක් පසුගිය 21 වැනිදා සිරුරට ගින තබාගෙන රෝහල්ගත කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(23) ඇය ජිවිතක්ෂයට පත්ව තිබේ.
අච්චුවේලි පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.








