FAST NEWS

24×7 Around the Globe

රාජිත, අර්ජුන, අනුර සාක්ෂි ලබාදීමකින් තොරව ජනපති කොමිසමෙන් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන අය දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමකින් තොරවම පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ, ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගමේ සිද්ධියට අදාළව තමන් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබුවේ කුමන පදනමකින්දැයි එම කොමිෂන් සභාව තමන්ට දැනුම්දී නොමැති බව පවසමින්.