FAST NEWS

24×7 Around the Globe

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ජනපති කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (23) දිනයේ රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග සහ අනුර කුමාර දිසානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

අද පෙරවරු 11.30 ට ඔවුන්ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරාගැනීම හේතුවෙන් අලාභ සිදුවූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාලව කොමිසම මඟින් සිදුකෙරෙන විමර්ශනයේ වගඋත්තරකරුවන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ශව 17 ක් පසුගියදා නම් කරනු ලැබීය.