FAST NEWS

24×7 Around the Globe

වැලිසර නාවික හමුදා කඳවුර යළි විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අප්‍රේල් මස 27 වෙනිදා වසා දැමු වැලිසර නාවික හමුදා කඳවුර නැවතත් විවෘත කර තිබේ.

පළමු අධියර යටතේ කඳවුරේ එක් කොටසක් පමණක් විවෘත කර ඇති අතර අනතුරුව පියවරෙන් පියවර සමස්ත වැලිසර නාවික හමුදා කඳවුරම විවෘත කිරීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් කොරෝනා වෛරසයේ බලපෑමක් නොමැති බවට නාවික හමුදාපතිවරයාට සිදුකළ ලිඛිත තහවුරු කිරිමෙන් අනතුරුවයි මෙලෙස වැලිසර කඳවුර යළි විවෘත කර ඇත.

කොවිඩ්19 වෛරසය ආසාධනය වී සුවය ලැබූ නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 786 දක්වා ඉහළ ගොස් ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටින්නේ නාවික හමුදා සාමාජිකයන් 115 දෙනෙකු පමණි.