FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් ළඟ තබාගෙන සිටි සාම විනිසුරුවරයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා ඔක්කම්පිටිය ප්‍රදේශයේ දී මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් හෙරොයින් තොගයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි සාමදාන විනිශ්චයකාරවරයෙකු බව අනාවරණය වී තිබේ.   

නීති විරෝධී හෙරොයින් මිලිග්‍රෑම් 1250 කින් යුතු හෙරොයින් පැකට් පනස් දෙකක් සන්තකයේ තබාගෙන සිටියදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරු 57 හැවිරිදි වියේ පසුවන්නෙකි.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයකට අධික වන බව පොලිසිය පවසයි.

සැකකරු හෙරොයින් ජාවාරමේ නිරත වන්නේ දැයි සොයා බැලීම සඳහා පොලීසිය විසින් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.