FAST NEWS

24×7 Around the Globe

ගිං ගඟේ ගිලීමෙන් කුඩා පිරිමි දරුවෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – ගාල්ල ගිං ගඟේ මෝය කටේ දිය නාමින් සිටි 13 හැවිරිදි පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.  

ඊයේ (22) සවස් කාලයේ දී තම මව , පියා හා සහෝදරිය සමග ඥාති නිවසකට පැමිණ දිය නෑමට ගොස් සිටියදී මෙම දරුවා මියගොස් ඇති බව පොලිසිය පවසයි.

පසුව දරුවා කරාපිටිය හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති අතර , මෘත හරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.