FAST NEWS

24×7 Around the Globe

අමෙරිකාවේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (23) අලුයම එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අමෙරිකා එක්සත් ජනපදයේ , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට ඍජු ගුවන් ගමන් පහසුකම් නොමැති බැවින් ඔවුන් ඩුබායි ගුවන් තොටුපළ වෙත පැමිණ, එතැන් සිට ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණි.

අද දින අලුයම 4.47 ට ඔවුන් ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 2528 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක ගුවන් තොටුපළේ දී මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම ද සිදු කෙරුණි.