FAST NEWS

24×7 Around the Globe

වැලිසර නාවික කඳවුර හෙට යළි විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 ආසාදිතයින් වැඩිම පිරිසක් හමුවූ නාවික හමුදා සාමාජිකයින් පිරිසක් හඳුනා ගැනුණු වැලිසර නාවික හමුදා කඳවුරේ මෙහෙයුම් කටයුතු හෙට (23) සිට ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ අදියර කිහිපයක් යටතේ මෙය සිදු කෙරෙන බවයි.

සුගිය 19 දිනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය කොවිඩ් -19 වෛරසයෙන් තොර කලාපයක් බවට ප්‍රකාශයට පත් කිරීමට අදාල ලිපිය නාවික හමුදාපතිවරයාට දැනුම්දෙනු ලැබීය.

ඒ අනුව කොටස් වශයෙන් වැලිසර නාවික හමුදා කදවුරේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා පවසයි.