FAST NEWS

24×7 Around the Globe

සංචාරක ක්ෂේත්‍රයට සහන සැලසීමට රජයෙන් නව වැඩපිළිවෙලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෝලීය වසංගතයක් බවට පත්වූ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට සහන සැලසීමට රජය විසින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.  

ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත්තේ එහි ලියාපදිංචි මාර්ගෝපදේශකයන් සහ රියදුරන් සඳහා රුපියල් 20,000 ක සහ රුපියල් 15,000 ක දීමනාවක් ලබාදීමටයි.

එම ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය ඔස්සේ අදාළ අයදුම්පත් යොමුකළ හැකියි.