FAST NEWS

24×7 Around the Globe

හිටපු මුදල් ඇමති මහ බැංකු නිලධාරීන් වෙනුවෙන් කතා කරයි[LETTER]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ බැංකු නිලධාරීන්ට කළ චෝදනාවල කිසිදු පදනමක් නොමැති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මංගල සමරවීර මහතා ඊයේ (21) මුදල් අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.

අපේ රටේ වර්තමාන ආර්ථික අර්බුධයන් සම්බන්ධයෙන් මහ බැංකුවට දොස් පැවරීමේදී ඔබේ සහෝදරයා වන ජනාධිපතිවරයා පසුගිය සතියේ ක්‍රියා කළ ආකාරය ගැන දැඩි ලෙස හෙලා දකින බව එහි සඳහන් වේ.

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන්, මහ බැංකුව සහ භාණ්ඩාගාරය ඔබේ භාරයට යටත් වේ. ව්‍යවස්ථානුකූලව, ඔබ අපේ රටේ ආර්ථිකයේ අධිකාරීවරයාය.

අපේ රජයක් යටතේ දශක හතක දීර්ඝ ඉතිහාසය තුළ කිසි දිනෙක රජය හෝ විපක්ෂය, මහ බැංකුවට මෙවැනි ආකාරයකින් කතා කර නොමැති බව පෙන්වා දී ඇත.

එම ලිපිය පහත දැක්වේ.