FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාරයේ දුෂිත නිලධාරින් ගැන දැනුම් දීමට දුරකථන අංකයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය විසින් කිසියම් බන්ධනාගාරයක නිලධාරියෙකු අක‍්‍රමිකතාවක් සිදුකරන්නේ නම් ඒ පිළිබද තමන්ට දැනුම් දෙන ලෙස සියලු බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

011 46 77 100 යන දුරකතනය අංකයට අමතා හෝ ලිඛිතව හෝ නිර්ණාමිකව තමන් වෙත එම අකටයුතුකම් පිළිබද දැනුම් දිමක් සිදු කරන ලෙසයි ඔහු සඳහන් කරයි.

මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයටද එම අක‍්‍රමිකතාවන් පිළිබද දැනුම් දිමක් සිදු කළ හැකි බවත් දැනටමත් බන්ධනාගාර කිහිපයක උසස් නිලධාරීන් සිදුකළ අක‍්‍රමිකතා ගැන පැමිණිලි ලැබී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ බවත් මෙහිදී ඔහු සඳහන් කළේය.