FAST NEWS

24×7 Around the Globe

කාලගුණ අංශයෙන් ධීවරයින්ට දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානයෙන් පසුවන්නැයි ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දෙයි.

අද(22) දිනයේ පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60ක් දක්වා වැඩි වන අතර මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

මේ නිසා එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේ දී මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.