FAST NEWS

24×7 Around the Globe

සමඟි ජනබලවේගයට පරාජයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සමගි ජනබලවේගය පක්ෂ නියෝජිතයන් 99 කු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරැපීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට කල ඉල්ලීම අද (22) කෝළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

තම නියෝජිතයන් එක්සත් ජාතික පක්ෂයේ සාමජිකත්වයෙන් නෙරැපීම අභියෝගයට ලක්කරමින් සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

අදාළ නඩුව නැවතත් ජූනි මස 27 වනදා කැඳවීමට දිසා අධිකරණය විසින් නියම කර ඇති අතර එදිනට එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ උප නායක රවී කරුණානායක අධිකරණයට කැදවීමට නොතීසි නිකුත් කර ඇත.