FAST NEWS

24×7 Around the Globe

දින දෙකක් තුළ කොරෝනා රෝගීන් වාර්තා වී නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගතවු දින දෙක  තුළ  මෙරටින් කිසිදු කොවිඩ්-19 ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1950 දෙනෙකු හඳුනා ගෙන ඇති බවයි.

ඉන් 1472 දෙනෙකු  සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඊයේ (21) දිනයේ දී තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 26 දෙනෙකු සුවය ලැබූ අතර දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 441 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.