FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් 1,186 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (22) පෙරවරු පහෙන් අවසන්වූ පැය 24 ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීම්වලදී විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 1,186 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත අදාළ විශේෂ වැටලීම් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවන් 291 දෙනෙකුද ඇතුළත්

බරපතල ගණයේ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 86 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.