FAST NEWS

24×7 Around the Globe

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය යළිත් ක්‍රියාත්මකයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද (22) සිට යළිත් ක්‍රියාත්මක කෙරේ.

ඒ සෞඛ්‍ය ආරක්ෂක නියාමනයන්ට අනුව බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාර්තු 17 වනදා සිට එම කටයුතුද අත්හිටුවන ලදී.

පළමු අදියර යටතේ ප්‍රමුඛතා පදනම මත එක්දින සේවා හැඳුනුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙන අතර අන්තර්ජාලය ඔස්සේ කලින් දින සහ වේලාවන් වෙන් කරගත් 250 දෙනෙකුට මෙහිදී ප්‍රමුඛතාවය ලැබේ.