FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ රැඳී සිටි පිරිසක් දිවයිනට රැගෙන එයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ගුවන් යානයක් අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් යානය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් මෙන්ම, කොළඹ වරාය තුළ නැංගුරම් ලා ඇති විදේශීය නැව්වල සේවය කිරීමට පැමිණෙන ඉන්දීය ජාතික නාවිකයන් පිරිසක් ද සිටින බව වාර්තා වේ

ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කළ බව අද දෙරණ වාර්තාකරු පවැසීය.