FAST NEWS

24×7 Around the Globe

අලුගෝසු තනතුර සදහාවු සම්මුඛ පරීක්ෂණය ඇරඹේ.

අලුගෝසු හෙවත් වදක තනතුර සදහා සම්මුඛ පරීක්ෂණ මේ වනවිට පැවැත්වෙනවා.අලුගෝසු තනතුර සදහා අයදුම්කරුවන් 24 දෙනෙකු ඉල්ලුම් කර ඇති බවයි වාර්තා වන්නේ.මේ අතුරින් දෙදෙනෙකු අදාල තනතුරට තෝරා පත්කර ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සදහා අද පෙරවරුවේ අයදුම්කරුවන් 15 දෙනෙකු පමණ සහභාගී වූ බවයි අප වාර්තාකරු පවසන්නේ.අයදුම්කරුවන් අතුරින් ඉහළම සුදුසුකම් සපුරා ඇති දෙදෙනෙකු අලුගෝසු තනතුර සදහා පත්කර ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තු අපේක්ෂා කරනවා.