FAST NEWS

24×7 Around the Globe

රාගම රන්කැටියා අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්මලානේ රෝහණ නැමැත්තාගේ ගෝලයෙකු වන “රාගම මඟුල් පොකුණේ විරාජ් අනුරාධ සිල්වා” නොහොත් “රන්කැටියා” නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත.

මහභාගේ පොලිස් වසමේ, රාගම මහභගේ මාර්ගයේ නවලෝක හන්දියේ මඟුල්පොකුණ මාර්ගයේ දී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමක් මඟින් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු සතුව තිබු හෙරොයින් ග්‍රෑම් 8ක්, මුදලින් රුපියල් 41,000ක්, හා මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.