FAST NEWS

24×7 Around the Globe

කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු 2 වන අධියර ලබන සඳුදා සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන සඳුදා (22) පෙරවරු 6 සිට කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ 2 වන අධියර ආරම්භ කෙරෙන බව පොලිසිය පවසයි.

බොරැල්ල හංදියේ සිට කොළඹ කොටුව දක්වා එය ක්‍රියාත්මක වනු ඇත.

පුද්ගලික බස් රථ , ලංගම බස් රථ , ආසන 20 ට වැඩි කාර්යාල ප්‍රවාහන සේවා බස් රථ හා පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන පොදු ප්‍රවාහන බස් රථ හා වෑන් රථ පමණක් බස් ප්‍රමුඛතා මංතීරුව තුළින් ගමන් කල යුතුයි.