FAST NEWS

24×7 Around the Globe

මෙවර දළදා පෙරහැරේ කලා ශිල්පීන් ප්‍රමාණය අඩු කරයි

(ෆාස්ට් නිව්ස් | නුවර) –  මෙවර ඇසළ පෙරහැර ජනතාවගේ සහභාගීත්වයෙන් තොරව පැරණි සාම්ප්‍රදායානුකූලව චාරිත්‍ර ඒ ආකාරයෙන්ම ඉටු කරමින් පවත්වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.  

දළද මාලිගා පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී දියවඩන නිලමේවරයා සඳහන් කළේ සෞඛ්‍ය නිර්දේශවලට අනුව එම තීරණය ගත් බවයි.

ඒ අනුව එළැඹෙන ජූලි මස 21 වැනිදා කප් සිටුවීමෙන් අනතුරුව ජූලි මස 25 වැනිදා ප්‍රථම කුඹල් පෙරහර වීථි සංචාරය කෙරෙන බවයි දියවඩන නිලමේවරයා සඳහන් කළේය.

පෙරහැරට දායකත්වය සපයන කලා ශිල්පීන් සංඛ්‍යාව 30 % ත් 40 % ත් අතර ප්‍රමාණයකින් අඩුකර ඇති බවත් , ඔවුන් සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණවලට ලක්වීම අනිවාර්ය කර ඇති බවත් දියවඩන නිළමේවරයා පවසා සිටියි.

මෙවර මහනුවර ඇසළ පෙරහැරේ ගමන් කරවන අලි ඇතුන් සංඛ්‍යාවද 50 ත් 60 ත් අතර මට්ටමකට අඩු කර ඇතැයිද ප්‍රදීප් නිලංග දෑල මහතා වැඩිදුරටත් කියා සිටියේය.