FAST NEWS

24×7 Around the Globe

පොහොට්ටුව යටතේ තරඟ කරන සියලු අපේක්ෂකයන් අරලියගහ මන්දිරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කරන සියලු පක්ෂවල අපේක්ෂකයින් ඊයේ (17) දිනයේ අරලියගහ මන්දිරය වෙත කැඳවා තිබූ අතර , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාව පැයක පමණ කාලයක් පවත්වා තිබේ.   

අදාළ හමුවේදී මහ මැතිවරණයට අදාළ කටයුතු සම්බන්ධයෙන් අපේක්ෂකයින් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

අග්‍රාමාත්‍යවරයා එහිදී අපේක්ෂකයන්ට දැනුම් දී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය නොවන අයුරින් මැතිවරණ ක්‍රියාවලියෙහි නිරතවීම සහ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ සෞඛ්‍ය අංශ ලබාදී ඇති මාර්ගෝපදේශන ඒ ආකාරයෙන්ම අනුගමනය කරන ලෙසටයි.