FAST NEWS

24×7 Around the Globe

තවත් පුහුණු මැතිවරණයක් හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ අනුව තවත් පෙරහුරු මැතිවරණයක් හෙට (20) පැවැත්වේ.

මට්ටක්කුලිය හා දෙමටගොඩ ප්‍රදේශවල මෙම පෙරහුරු මැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

එහිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මහ මැතිවරණය පැවැත්වීමේදී කළ යුතු ක්‍රියා පිළිවෙත් පිළිබඳ ඡන්ද දායකයින් මෙන්ම නිලධාරීන්ද දැනුවත් කෙරෙනු ඇත.

මේ වනවිට දිස්ත්‍රික්ක 15 ක පෙරහුරු මැතිවරණ පවත්වා අවසන් කර තිබේ.