(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා සූර්යබල විදුලි උත්පාදක කට්ටල නොමිලේ ලබාදීමට පියවර ගෙන තිබේ.
ඊයේ (17) විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් අනුමැතිය හිමි වූ බවයි.
මේ වනවිට මෙරට විදුලිය නොමැති අඩු ආදායම්ලාභී පවුල් 12,500 ක් සිටියි.








