FAST NEWS

24×7 Around the Globe

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමේ දෙවැනි අදියර ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ.

හොංකොං, රුමේනියා, පෝලන්තය සහ චෙක් ජනරජය සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචිය එලෙස ආරම්භ වූ බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ සඳහන් කළේය.

විදේශ ගතවීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයින් ලියාපදිංචිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු සඳහන් කළේ ය.

එහි පළමු අදියර යටතේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව සහ ජර්මනිය යන රටවල් සඳහා ශ්‍රමික ලියාපදිංචිය ආරම්භ විය.