FAST NEWS

24×7 Around the Globe

බස් රථ මිලදී ගැනීමට සහන පොලියක් යටතේ ණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමාත්‍ය මණ්ඩලය විසින් පෞද්ගලික බස් කර්මාන්තය නගා සිටුවීම සඳහා බස් රථ මිලදී ගැනීමට 4 % ක සහන පොලී පදනම යටතේ ණය ලබාදීමට තීරණය කර තිබේ.

සහන පදනම මත ණය හිමි වන්නේ පහත් පතුල් සහිත බස් රථ මිලදී ගැනීමට පමණක් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඉදිරියේදී ලොරි චැසිවල අටවන ලද බස් රථ වෙනුවට නියම බස් රථ මගී ප්‍රවාහනය සඳහා යෙදවීම රජයේ අරමුණ බවද ඔහු පැවසුවේ ය.

බස් රථ සඳහා වෙන්වූ දෙවැනි ප්‍රමුඛතා මං තීරුව බොරැල්ලේ සිට පිටකොටුව දක්වා ලබන 22 වැනිදා සිට ආරම්භ කරන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේය.

මොරටුව කුරුස හන්දියේ සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක පළමු ප්‍රමුඛතා මං තීරුව සාර්ථක බවද ඔහු සඳහන් කළේය.

මීට අමතරව බස් රථ ගමන් ගන්නා වේලාව පිළිබඳ මගීන්ට දැනුවත් වීම සඳහා පැසන්ජර් ඇප් නමින් නව මෘදුකාංගයක් ලබන සතියේ හඳුන්වා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.