FAST NEWS

24×7 Around the Globe

කංජිපානිගේ පියාට පහරදීමට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාර ගතකර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  

මාරිමුත්තු ගනේෂන් රාජා හෙවත් මන්න කන්නා සහ මහේන්ද්‍රන් ප්‍රදීප් හෙවත් බාචා නමින් හඳුන්වන මොවුන් දෙදෙනා ඊයේ (16) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව මාළිගාවත්ත පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

මෙම සැකකරුවන් නාට්ටාමිවරුන් ලෙස කටයුතු කරන අය බවද පොලීසිය පවසයි.

මාළිගාවත්ත ප්‍රදේශයේ දී කංජිපානි ඉම්රාන්ගේ පියා වන 65 හැවිරිදි මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නජිත් නැමැත්තාට තියුණු ආයුධවලින් පහරදී තිබුණේ ඊයේ රාත්‍රියේයි.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.