FAST NEWS

24×7 Around the Globe

බෝගොල්ලාගම සහ ළමාහේවා අද ජනපති කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (18) හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබේ.

ඒ ඔහු විසින් පසුගිය ආණ්ඩු සමයේ විවිධ හේතූ පදනම් කරගනිමින් තමාට එරෙහිව දේශපාලන පළිගැනීම් ක්‍රියාත්මක වූ බවට කළ පැමිණිල්ලකට අදාළව සාක්ෂිදීම සඳහා ය.

තවද හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වූ එමිල් රංජන් ළමාහේවා ද අද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතව තිබේ.

ඒ ඔහු විසින් වැලිකඩ ගැටුම සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි පදනම් කරගනිමින් තමාට එරෙහිව නඩු පවරා ඇති බවට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අදාළවයි.

මීට පෙර රෝහිත බෝගොල්ලාගම සහ එමිල් රංජන් ළමාහේවා යන අය අදාළ පැමිණිලි සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ප්‍රකාශ ලබා දුන්නේය.