FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය නිමවා තවත් පිරිසක් නිවෙස් බලා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (18) දිනයේදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල තවත් 225 දෙනෙකු පී සී ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන 05 කින් නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව ඇත.

යුධ හමුදාව පවසන ආකාරයට ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 39 ක තවත් 3851 ක් තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටියි.

මේ වනවිට ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගිය සංඛ්‍යාව 14,735 දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කියාසිටියේය.