FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද දායක ලැයිස්තු සහතික කිරීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (18) මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයන්ගේ ලැයිස්තු සහතික කිරීම සිදු කෙරේ.

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම ලබන 30 ජූලි 01 සහ 02 යන දිනවලදී සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ලබන මස 14 , 15 ,16 සහ 17 යන දිනවලදී මෙවර තැපැල් ඡන්ද සළකුණු කිරීම සිදුකෙරෙන අතර එම දිනවලදී නොහැකිවන ඡන්ද දායකයන්ට ජූලි 20 සහ 21 යන දිනවලදී දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සළකුණු කල හැකියි.

ජූලි 11,12 සහ 13 දිනවලදී මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර දීම සිදු කිරීමට නියමිතයි.