FAST NEWS

24×7 Around the Globe

ගම්පහට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (18) පෙරවරු 9 සිට ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබේ.

වැලිසර, මහබාගේ, මාබෝල ප්‍රදේශයේ කොටසක්, කඳාන නාගොඩ ප්‍රදේශය, කෙරවලපිටිය, මාටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්විට ධීවර වරාය ප්‍රදේශය, බෝපිටිය, පමුණුගම හා උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට ඒ අනුව ජල සැපයුම අත්හිටුවයි.

කැලණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මඟින් ජල නල පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස හෙට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.