FAST NEWS

24×7 Around the Globe

අර්ජුන මහේද්‍රන්ට එරෙහි වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට නියෝගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (17) 2016 වසරේදී සිදුවූ බැඳුම්කර වෙන්දේසි දෙකක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර වරෙන්තු නිකුත් කර තිබූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන අයට නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක ඇතුලු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසයි පසුගිය මාර්තු හයවනදා නියෝග කර තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2016 වසරේදී රුපියල් බිලියන 51.98 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුලු චෝදනා යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකර ඇත.