FAST NEWS

24×7 Around the Globe

රජය විසින් MCC ගිවිසුම සමාලෝචනයට කල් ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා රජය විසින් MCC ගිවිසුම යළි සමාලෝචනය කිරීම සඳහා කල් ඉල්ලා ඇතැයි කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

අමෙරිකා එක්සත් ජනපදය මෙම ඉල්ලීමට ගරු කරන බව පවසන කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ MCC යෝජිත මුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් දීර්ඝ කාලීනව වෙන් කර තැබීමට නොහැකි බවයි.