FAST NEWS

24×7 Around the Globe

පාඨලි, විජේදාස දේශපාලන පලිගැනීම් කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ සහ පාඨලී චම්පික රණවක දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ අද (17) පෙනී සිටියහ.   

ඒ , ඇවන්ගාඩ් සමාගම රජයට පවරා ගැනීමේදී පාඩු සිදු වූ බව පවසමින් එහි සභාපති නිශ්ශංක සේනාධිපති විසින් සිදුකල පැමිණිල්ලකට අනුවයි.

පසුගියදා නිශ්ශංක සේනාධිපති මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග සහ අනුර කුමාර දිසානායක ඇතුළු 17 දෙනෙකුට එම කොමිසම සිතාසි නිකුත් කළේය.