FAST NEWS

24×7 Around the Globe

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට(18) දිනයේ උදෑසන 9 සිට පැය 12 ක කාලයක් වැලිසර, මහබාගේ, මාබෝල, කඳාන, නාගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

එමෙන්ම, කෙරවලපිටිය, මටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්ඕවිට ධීවර වරාය ප්‍රදේශය මෙන්ම, බෝපිටිය, පමුණුගම සහ උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.