FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන ආයතනවලට රජයෙන් සහන

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජය විසින් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මූල්‍ය ගැටලුවලට මුහුණ දී ඇති පළාත් පාලන ආයතන සඳහා සහන සැලසීමට තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ, පළාත් පාලන ආයතනවලින් 50% ක් පමණ කොරෝනා ව්‍යාප්තියත් සමග ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් මූල්‍ය ගැටලුවලට ලක්ව ඇති බවය.

මෙරට ක්‍රියාත්මක පළාත් පාලන ආයතන සංඛ්‍යාව 347 කි.

එම ආයතනවලට වූ මූල්‍ය ගැටලු පිළිබඳ වාර්තාවක් කඩිනමින් ලබා දෙන්නැයි උපදෙස් දුන් බව අමාත්‍යාංශය සඳහන් කළේය.

පළාත් පාලන කොමසාරිස්වරුන් මාර්ගයෙන් එම වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව අදාළ සහන සැලසීම සිදු කෙරෙනු ඇත.