FAST NEWS

24×7 Around the Globe

හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සිතාසි නිකුත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජුලි මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කෙරේ.

ඒ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබූ බවට චෝදනා එල්ල වීම හේතුවෙනි.

මෙම නඩුව අද (17) කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය මෙම නියෝග කර තිබේ.

අද දිනයේ විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇයගේ නීතිඥවරු අධිකරණය හමුවේ පෙනී සිට නැත.

ඒ අනුව විත්තිකාරියට ජුලි මස 10 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිතාසිය අද දින ම ක්‍රියාත්මක කරන ලෙසද නියෝග කර ඇත.