FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද ලැයිස්තු සහතික කිරිම හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (18) දිනයේ මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්දදායකයින්ගේ ලැයිස්තු සහතික කිරිම සිදු කෙරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරිම හා තැපෑලට භාරදිම ජුනි30, ජුලි 01 වනදා සහ 02 වනදා සිදු කරන බව එම කොමිෂන් සභාව සදහන් කළේය.

මෙවර මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්දය සලකුණු කිරිම ජූලි මස 14,15,16 සහ 17 යන දිනවලදී සිදු කිරිමට නියමියි.

රාජ්‍ය ආයතනවල සේවකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරිමට ජුලි මස 14 සහ 15 යන දෙදින වෙන් කර ඇති අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලිසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල සේවයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරිම සදහා ජුලි මස 16 සහ 17 යන දෙදින නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

එම දිනවලදී ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සදහා ජූලි මස 20 සහ 21 යන දිනවලදී තැපැල් ඡන්දය භාවිත කිරීමේ පහසුකම සලසා ඇති බව ද එම කොමිෂම සදහන් කළේය.

එමෙන්ම මෙවර මහ මැතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදිම ලබන ජුලි මස 11,12 සහ 13 වන දිනයන්හීදී සිදු කිරිමට නියමිතයි.

නිළ ඡන්ද පත්‍රිකා බෙදා හැරිම ජුලි මස 29 වන දිනෙන් අවසන් වන අතර එදිනට පෙර නිළ ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන් අදාල තැපැල් කාර්යාල වෙත ගොස් අනන්‍යතාව තහවුරු කිරිමෙන් පසු නිල ඡන්ද පත්‍රිකා ලබාගත හැති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.